Monday, March 21, 2016

සත්‍යය

දුක් විඳගෙන දොහක්
සන්තකේ තිබු පනමක්
වැය කර මහ පිනක්
පතා ගෙන ගියෙ දානෙ වේලක්

දාන ශාලාවක්
පන්සලට ලොකු පිළිමයක්
හදවන්නට පිනක්
ලැබේ දුන්නොත් දාහෙ කොලයක්

කඨිනෙට නැත දුරක්
ඉතින් ගන්නකො පිරිකරක්
එනසතියේ මැදක්
තිබේය ලොකු සල්පිලක්

දරුවට කිරි බිඳක්
දෙන්නෙත් ඉඳ හිට වරක්
හිමියනි තව දොහක්
එන්නෙ කෙලෙසද පන්සල්