Monday, February 10, 2014

පුන්චි පුතේ නුඹෙ සිනාව

පුන්චි පුතේ නුඹෙ සිනාව

සුදෝ සුදට සුදු මීදුම
පාවී යන උදෑසනක
සවන වැකුණු විහඟ ගීත
කර්කශ බව මට හඟුනේ
ඇසුන පසුය නුඹෙ සිනාව

මලින් මලට පියඹා යන
බමර තුඩින් උන් පවසන
ගුමු ගුමු ගුමු පෙම් ගීතෙට
මා කල පෙම නතර කලේ
පුතේ නුඹේ කිරි සිනාව

සුන්දර කඳු වැටි මුදුනක
සිට පෙණ පිඬු විසුරුවමින්
ඇද හැලෙනා දිය දහරක
හඬ ගීයක් නොම වන බව
මට කීවෙ නුඹෙ සිනාව

ඉර බැස යන හැන්දෑවක
රැළි පිට රැළි පෙරළී ඇවිත්
වෙරළෙ හැපී නගනා හඬ
ඝෝෂාවක් පමණිය මට
ඇසෙනා කල නුඹෙ සිනාව